මහ හඬින් පිරිත් විකාශය කිරීම හේතුවෙන් තමන් පීඩාවට පත්වන බවට කාන්තාවක් විසින් පොලිසියට පැමිණිලි කළැයි කියමින් එම කාන්තාවට එරෙහිව ගම්වාසීන් සංවිධානය කරමින් සහ ගම් පුරා දැන්වීම් අලවමින් කාන්තා හිංසනයේ යෙදුණු බෞද්ධ භික්ෂුවකට එරෙහිව පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ පුවතක් මහනුවරින් වාර්තා වේ.
මෙම පැමිණිල්ල කර ඇත්තේ පේරාදෙණිය කැලියල්පිටියේ පදිංචි කාන්තාවක් විසිනි. ඇය දවුලගල පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රවල ඝෝෂාකාරි ශබ්දය හේතුවෙන් හිරිහැර විඳින්නට සිදුව ඇති බවයි. පොලිසියෙන් ඒ බව විහාරාධිකාරී හිමියන්ට දැනුම් දිමෙන් පසු හිමියන් කර ඇත්තේ මේ කාන්තාවට එරෙහිව දැන්වීම් ගම පුරා අළවා ඇය හිංසනයට ලක්කිරීමයි.
විහාරාධිකාරී තලාවේ සීලරතන හිමියන් විසින් එම දැන්වීම ගම පුරාම අළවා තිබූ අතර එහි දක්වා ඇත්තේ මෙවැන්නකි.
“සියලු ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි සෙත්ශාන්තිය පිණිස කැලියල්පිටිය පුරාණ විහාරයේ උදේ හවස විකාශනය වන පිරිත් දේශනය, ඊට යාබද සිටින අඹුවක් විසින් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ සඳහා සුදුසු පියවරක් ගැනීමට 2020/03/09 පෝය පෙ.ව. 11ට විහාරස්ථානයට පැමිණෙන ලෙස සියලුම දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.”
මෙය කාන්තා හිංසනයකි. බෞද්ධ භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් අවට පදිංචිකරුවන් ශබ්දයෙන් හිංසා කිරීමට අමතරව පුද්ගලිකව අපහාස, අවමන් සහ මානසික පීඩාවක් සිදුවන පරිදි මෙවැනි ක්‍රියාවන්හි යෙදීම බෞද්ධ භික්ෂුවකට හැකියාව ඇත්ද යන්න අපට ගැටලුවක් නැත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් හිමිවන අයිතිවාසිකම් අනුව මෙය හිංසාවක් බැවනම් පැහැදිලියි.
අවසානයේ සිදුව ඇත්තේ එදිනට ගමේ සියලු දෙනා පන්සලට කැඳවා පිරිත් අහන්නට අකමැති කවුරුන්වත් සිටීදැයි ප්‍රශ්න කිරීමයි. පැමිණිලි කළ කාන්තාවගේ සැමියා නාලක මිහිර බණ්ඩාරද එහි සිට ඇත. එහි දී ඔහු හැර අන් සියල්ලෝම පිරිත් අහන්නට කැමති බව ප්‍රකාශ කර තිබේ. පොලිසිය ද මේ අවස්ථාවේ සිටි බව නාලක බණ්ඩාර පවසයි.
ගමේ මිනිස්සුන්ට අවශ්‍ය නිසා අපි පිරිත් දාන්නේ කියූ විට පොලිසිය කිසිදු පියවරක් ගෙන නැත.
මේ කාන්තාවට හිංසා සිදුවන ආකාරයෙන් ගමේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අමතරව මේ දැන්වීම තලාවේ සීලරතන හිමියන් විසින් ඔහුගේ facebook ගිනුමක ද සටහන් කර ඇත.
අදාල කාන්තාව සහ ඇගේ සැමියා ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසියට හාමුදුරුවන්ට පවසා ඇත්තේ එය ඉවත්කරගන්නා ලෙස පමණි.
මෙම සිද්ධිය පිළිබඳ දවුලගල පොලිසියේ ස්ථානාධිපති නිලන්ත අබේවර්ධනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධ ගැටලුව විභාග කිරීමට අවස්ථා ගණනාවක දී ම උත්සාහ ගත්ත ද විහාරාධිකාරී හිමියන් හෝ විහාරාධිපිති හිමියන් හෝ ඒ සඳහා නොපැමිණෙන බවයි.”
අප මේ සම්බන්ධයෙන් කාන්තා හිංසනය සිදුකරා යැයි චෝදනාවට ලක්ව සිටින තලාවේ සීලරතන හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ තමන්ට ඒ ගැන කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි. ඒ ගැන විහාරාධිපති හිමියන්ගෙන් විමසන ලෙස ද කීහ.
කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ මල්වතු විහාරයේ කාරක සභික හිමිනමක් වන ඇතිපොළ බුද්ධරක්ඛිත හිමියන්ය. ඒ හිමියන්ගෙන් විමසූ විට කීවේ තමන් කිසිම ලෙසකින් ශබ්ද විකාශනය නතර නොකරන බවයි. රටේ නීතිය අනුව මෙලෙස ක්‍රියා කළ නොහැකි බව නොදන්නේ දැයි ඇසූ වට “මට ඔය නීතිය අදාල නෑ” යැයි කීහ.
පොලිසියට පැමිණිල්ලක් කළ කාන්තාවකට ප්‍රසිද්ධියේ ම හිංසා කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කරන්නේ මෙවැනි දියාරු ප්‍රතිපත්තියක් නම් මෙරට කාන්තාවන්ට අත්වන ඉරණම ගැන කවර කතාද ?
භික්ෂුත්වය ට නොහොඹිනා මෙවැනි කරුණු සම්බන්ධයෙන් ලිපි ලිවීමේදී ,ස්වාමීන් වහන්සේ,භික්ෂුව යන වචන භාවිත කිරීම නිර්මල බුදු දහමට කරන අවමානයක් යැයි හැඟේ. ඒ වෙනුවට කහකඩයා (කහ කඩක් පෙරවා ගත් හාදයා) සිවුරක් පෙරවා ගත් හාදයා වැනි වචන යොදා ගැනීම උචිත බව මගේ පුද්ගලික මතයයි.
මෙවන් කහකඩයින් රටට පිලිලයක්.බුද්ධ සාසනයට නිගරුවක්.