චීන සමාගමකින් මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්රජීවීන් ඇති බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව පැවසීම පිළිගත නොහැකියැයි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් පවසන්නේ එලෙස කඩිනමින් නිගමයකට එළැඹීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බවයි.
චීනයෙන් මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ කාබනික පොහොරවල අහිතකර ක්ෂුද්රජීව්න් සිටින බව අවස්ථා දෙකකක දී ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව විසින් හඳුනා ගැණිනි. ඉන් පස කාබනික පොහොර චීනයෙන් ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කළේය.
චීන තානාපති කාර්යාලය නිකුත්කළ මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක දී ජීවානුහරණය කරන බවයි. එහි දී අහිතකර ක්ෂුද්රජීවීන් සම්පූර්ණයෙන් ම විනාශ වන බවද එම නිවේදනයේ දක්වා ඇත.
චීනයෙන් ආනයනය කිරීමට සූූදානම් වූ කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව සිදුකළ පරීක්ෂණ හා විශ්ලේෂණ තුළින් හඳුනාගෙන ඇති බවට වාර්තාවීම ගැටලුවක් බව ද ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අනුව අර්වීනියා බැක්ටීරියාව හඳුනාගැනීමට අවම දින 6ක කාලයක් ගත වන බව ද චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව දින තුනක් වැනි කාලයක දී කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බව චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවේ වාර්තාව මත පදනම්ව සීවින් සමාගමේ කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමේ තීරණය තුළින් සමාගමට ප්‍රශ්න සහගත බවක් මෙන්ම විශාල මූල්‍යමය හානියක්ද සිදුවන බව ද චීන තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් කර ඇත.
එබැවින් විද්‍යාත්මක කරුණු මත පදනම්ව කොන්ත්‍රාත්තුව ප්‍රකාරව දෙපාර්ශවය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර වාසි සළසා ගනු ඇතැයි තානාපති කාර්යාලයේ අදහස් කරන බව ද මේ නිවේදනයේ සඳහන් කර තිබේ.
ඉතින් හොද නැ කියලා දෙපාරක් තාහුරු උනා නම්.තවත් මොන මගුලකටද ඒ පොහොර. චීනෙන් ගූ දුන්නත් රත්තරන් කියලා ගන්න කාලකන්නි දේශපාලන බූරු නායකයෝ. නිදකින්