කොරෝනා මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කරගත් මෙරට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනා සඳහා බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කළ බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
ඒ සඳා එන්නත් මාත්‍රා ලක්ෂ 145ක් ගෙන්වන බව ද හෙතෙම කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟවුණා ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 145ක් ගෙන්වීමට එම එන්නත් බූස්ටර් එන්නතක් ලෙස දැනට එන්නත්කරණය සම්පූර්ණ කළ වයස අවරුදු 20ට වැඩි සියළු දෙනාට ලබාදෙනවා. එහි දී පළමුවෙන් වයස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තියෙන අයට, සෞඛ්‍ය සේවකයන්ට, ආරක්ෂක අංශ සාමාජිකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් එන්නත්කරණය සම්පූර්ණ වී ඇත්තේ 83%ක ප්‍රතිශතයක පමණි.