-5.9 C
New York

ගැබිණියන් 10% කොරෝනා අවධානමක. සෑදී සුවවූ අයටත් පසු රෝග තත්වය ඇතිවනවා

Published:

මෙරට ගැබිණි මව්වරුන්ගෙන් 10%ක් පමණ තවමත් කොරෝනා මර්ධන එන්නත් ලබානෙ නැතැයි ද ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ජීවිත අවධානමක් ඇතැයි ද ප්‍රසව හා නාරි වෛද්‍ය විද්‍යායතනය අනාවරණය කරයි.

දැනට ගැබිනි තත්වයේ සිටින කාන්තාවන් සංඛ්‍යාව 200,000ක් බවත් ඉන් 90%ක් එන්නත් කරණය සම්පූර්ණ කර ඇති බවත් දැක්වෙයි. එන්නත්කරණයට ලක් නොවූ ගැබිනි මව්වරුන් කොරෝනා ආසාදිතව මරණයට පත්වීමේ සම්භාවිතාව මළදරු උපත් සිදුකිරීමේ සම්භාවිතාව වැඩි බවත් වෛද්‍යවරු කියති.

එමෙන්ම කොරෝනා ආසාදිත වී සුව වූ ගැබිණි මව්වරුන්ට පවා පසු කොරෝනා රෝගී තත්ව දක්නට ලැබෙන බව ද එම විද්‍යායතනය පෙන්වා දෙයි.

විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය සනත් ලැනරෝල් පවසන්නේ ගැබිණි කාන්තාවන්ට කොරෝනා සුව වී සති හතරක් එනම් මාසයකට පමණ පසුව ද ශ්වසන අපහසුතා ඇතිවන බවයි.

මේ ගැන පැහැදිළි කරමින් වෛද්‍ය ලැනරෝල් වැඩිදුරටත් මෙසේ ද කී‍වේය.

“මාංශ පේෂි වේදනාව, පීඩාකාරී බව, දණහිස් වේදනාව මේ අයට දිගින් දිගටම දක්නට ලැබෙනවා. මේ තත්වය මාස හයක් පමණ තිබිය හැකියි. බරපතළ තත්වයක් නොවුණත් කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවන් ‍මේ ගැන දැනුම්වත්ව සිටීම වැදගත් වෙනවා. විශේෂයෙන් ම මෙවැනි අපහසුතා ඇත්නම් ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු හමුවීම ඉතාමත් වැදගත්.”

එන්නත්කරණය සම්පූර්ණ වූ ගැබිනි කාන්තාවන්ට බරපතළ සංකූලතා ඇති නොවන බව ද වෛද්‍යවරු පවසති.

Related articles

Recent articles

spot_img