-5.9 C
New York

පරිගණක පද්ධතිය බිඳවැටී බස්නාහිර ආදායම් බලපත්‍ර දීමේ ගැටලුවක් මතුවෙයි

Published:

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සඳුදා (12) සිට 31 දක්වා කාලයේ දී කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

එම කාර්යාලය පවසන්නේ පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටෙන බැවින් අඛණ්ඩව සේවා පවත්වාගෙන යාමේ අපහසුතාවක් ඇතිව තිබෙන බවයි. එය සක්‍රීයව පවතින සෑම අවස්ථාවක දී ම බලපත්‍ර නිකුත් කරන බව ද දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ජනතාව අපපහසුතාවට පත්වීම වැළැක්වීමේ අරමු‍ණින් සහන කාලය ලබා දුන් බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img