-5.9 C
New York

රාවණා – 1 ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශයේ දී විනාශ වෙයි

Published:

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු විසින් නිපදවා අභ්‍යාවකාශයට යැවූ රාවණා – 1 චන්ද්‍රිකාව විනාශ වී ඇත. පර්යේෂකයන් පවසන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවක් වූ මෙය විනාශ වූයේ එය සැළසුම් කර තිබූ ආකාරයට බවයි.

2019 වර්ෂයේ ජූලි මාසයේ දී එය බර්ඩ්ස් 04 චන්ද්‍රිකා ව්‍යාපෘතිය යටතේ ජපානයේ සිට අභ්‍යාවකාශ ගත කෙරිණි. එහි නිර්මාණකුරුවන් වූයේ තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන දෙදෙනාය. ඔවුන් දෙදෙනා අභ්‍යාවකාශ විද්‍යාව හදාරති.

කුඩා ඝනකයක් ලෙස නිර්මාණය කර ඇති මෙම චන්ද්‍රිකාව සැළසුම් කර තිබුණේ කක්ෂගත කළ පසු පෘථිවිය වටා ගමන් කරන විට ක්‍රම ක්‍රමයෙන් පොළොව දෙසට ඇදී එන ආකාරයෙනි. ඒ අනුව රාවණා – 01 චන්ද්‍රිකාව පෘථිවිය වටා 11,700 වාරයක් ගමන්කර තිබූ අතර ක්‍රමයෙන් පොළොවට කිලෝ මීටර 200් දක්වා ආසන්නට පැමිණ පෘථිවි වායුගෝලයේ ප්‍රතිරෝධය හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇත.

මෙය එහි අවසානය සිදුවීමට සැළසුම් සහගතව සිදුවූවකි. ඒ අනුව චන්ද්‍රිකා රාවණා -1 චන්ද්‍රිකා මෙහෙයුම සාර්ථක ව්‍යාපෘතියක් ලෙස පිළිගැනේ.

Related articles

Recent articles

spot_img