-4.8 C
New York

ඇෆ්ගනිස්ථානයේ පල්ලියක පිපිරීමකින් 50ක් මරුට

Published:

ඇෆ්ගනිස්ථානයේ කුන්දූස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට සිකුරාදා යාඤ්ඤාව අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරකින් 50 දෙනකු මියගොස් තවත් 80 ක පමණ පිරිසක් රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලබා සිටින අයගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බවත් මරණ සංඛයාව ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අංශ පවසා ඇත.

තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් පවසන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. සුන්නි මුස්ලිම්වරු ෂියා මුස්ලිම්වරු ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කිරීම සිදුවෙයි. ඇෆ්ගන් තලේබාන්වරු සහ ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්. ත්‍රස්ත කල්ලි බොහොමයක සුන්නි මුස්ලිම්වරු සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යාමෙන් පසු මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර කාබුල් නගරයේ පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් භාර‍ගත්ත ද මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැත.

https://www.bbc.com/news/world-asia-58842793

Related articles

Recent articles

spot_img