-2.1 C
New York

පැන්ඩෝරා පත්‍රිකා ගැන නඩේසන්ගෙන් අල්ලස් කොමිසමට පැය තුනක ප්‍රකාශයක්

Published:

ලොව මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රවල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාතය නිරූපමා රාජපක්ෂගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් අද (08) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මේ සඳහා පැය තුනහමාරකට වැඩි කාලයක් ගත වූ බව සඳහන් වේ.

අල්ලස් කොමිසම මෙහි දී අවධානය යොමුකර ඇත්තේ තිරුකුමාර් නඩේසන් සතු ව්‍යාපාර සහ වත්කම් සම්බන්ධයෙනි. ඔහු සතුව ඇති ව්‍යාපාර සහ බංකු ගිණුම් සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර ඊට හොඳ සූදානමකින් ඔහු පැමිණ ඇති බව ද කොමිසමේ ආරංචිමාර්ග පවසයි.

ඔහු අද (08) දිනයේ සඳහන් කළ කරුනු සම්බන්ධයේන විමර්ශනයක් පවත්වා යළිත් දිනයක ඔහු කැඳවීමට නියමිතව තිබේ.

Related articles

Recent articles

spot_img