-4.8 C
New York

“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී ගෙවන්න වැය වනවා” යන ප්‍රකාශය නිවැරදි බව Fact Check සනාථ කරයි

Published:

“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී නැවත ගෙවීමට වැයවනවා. ජාතික ආදා‍යමෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාව හැර ණය සඳහා වැඩිම පොළියක් ගෙවන රට ලෙබනනයයි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසූ කරුණු සත්‍යයක් බව FactCheck.lk කරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

මන්ත්‍රීවරයා සිදුකර ඇති ඉහත ප්‍රකාශය ආන්දෝලනාත්මක මෙන් ම රටේ වැඩි දෙනකුගේ අවධානයට ලක්වූ ප්‍රවෘත්තියක් බැවින් එහි නිරවද්‍යතාව ඇගයීම සඳහා FactCheck.lk ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන් සහ ලෝක සංවර්ධන දර්ශක දත්ත රැසක් පරිශීලනය කර තිබේ.

එම දත්ත අනුව තහවුරු වී ඇත‍තේ 2019 දී ශ්‍රී ලංකාවේ ණය සඳහා ගෙවිය යුතු පොළිය රාජ්‍ය ආදායමෙන් 47.7%ක් වූ අතර 2020 වනවිට එය රාජ්‍ය ආදායමෙන් 72%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදාය අනුව ද ණය පොළී නැවත ගෙවීමේ දී එය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස සැළක විට ශ්‍රී ලංකාව රටවල් 117කින් දෙවැනි තැනට පත්ව ඇත. ඒ 2019 වර්ෂයේ දී ය. මෙම කරුණු අනුව මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කරන ලද ප්‍රකාශය සත්‍යයක් යැයි FactCheck.lk ප්‍රකාශ කර තිබේ.

FactCheck.lk විශ්ලේෂණය සම්පූර්ණයෙන් ම පහතින් දක්වා ඇත.

http://factcheck.lk/claim/eran-wickramaratne-13

Related articles

Recent articles

spot_img