-1 C
New York

පකිස්තානයේ භූමිකම්පා දෙකක්, 20ක් පමණ මියගිහින්

Published:

පකිස්ථානයේ පැය දෙකක් ඇතුළත සිදුවූ භූමිකම්පා දෙකක් හේතුවෙන් 20කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගලවාගැනීමේ අංශ පවසන්නේ මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි.

මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වූ ක්වෙටාට නැගෙනහිර ප්‍රදේශයේන පිහිටි හර්නායි නගරය ආසන්නයෙනි. එම ප්‍රදේශයේ ගල් අඟුරු පතල් විශාල ප්‍රමාණයක් පිහිටා තිබේ.

අද (07) අළුයම 03.31ට පකිස්ථානයේ හර්නායි නගරයේ සිට කිලෝ මීටර 14ක් ඈතින් පළමු භූමිකම්පාව සිදුව ඇති අතර එහි විශාලත්වය රිච්ටර් මාපක 5.7කි. පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 20ක් ගැඹුරින් එහි අප‍ිකේන්ද්‍රය පිහිටා තිබූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන පවසයි.

භූමිකම්පාවත් සමඟ නිවාස ඇතුළු ඉදිකිරීම් රැසක් කඩා වැටී ඇති අතර ජනතාව විදී බැස දුරකථන ආලෝකයෙන් අන් අයට උපකාර කරනු දක්නට ලැබී තිබේ. නිවාස 100කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති බවත් මියගිය අයගෙන් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවත් ඔවුහු කියති.

දෙවැනි භූමිකම්පාව සිදුව ඇත්තේ හර්නායි නගරයට කිලෝ මීටර 09ක් දුරිනි. එහි අපි කේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇති අතර එහි විශාලත්වය රිච්ටර් මාපක 4.6කි. දෙවැනි භූමිකම්පාව සිදුව ඇත්‍තේ අළුයම 5.30ට ය.

මෙම භූමිකම්පාව සිදුවූ ප්‍රදේශය ඉන්දු ඕස්ට්‍රේලියා භූතලය හා යුරෝ ආසියානු භූතලය එකිනෙක හමුවන කඳදු ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා තිබේ.

Related articles

Recent articles

spot_img