-2.1 C
New York

වැටුප් ප්‍රශ්නය විසඳන්න යැයි ගුරු විදුහල්පති ඉල්ලද්දී, අධ්‍යාපන ඇමති හැඳුනුම්පතක් දෙයි

Published:

තම වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලා ගුරු දිනය දා පාරට බැස ගුරු විදුහල්පතිවරු උද්ඝෝෂණය කරද්දී ඔවුන් සඳහා නිල හැඳුනුම්පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

එම නිල හැඳුනුම්පත් අද (06) යෙදී ඇති ගුරු දිනයේ දී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නිකුත් කෙරිණි. අධ්‍යාපන අමාත්‍යවරයා එහි දී කියා සිටියේ මෙතෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක් නොතිබූ බවයි.

ඔහු එහි දී මෙසේ ද කීවේය.

“ගුරු පරපුර වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් අපි නොපිරිහෙලා ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යුතුකම් අපි ඉටුකරද්දි ලක්ෂ 43ක් වන දැයේ දරුවන් වෙනුවෙන් තම රැකියාවෙන් ඔබ්බට ගොස් රාජකාරී ඉටුකිරීම ගුරුවරුන්ගේත් වගකීමක් සහ යුතුකමක් වනවා.”

මේ අතර ගුරු දිනයේ දී රටපුරා පාරට බැස උද්ඝෝෂණය කළ ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියා සිටියේ තම වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන බවයි.

Related articles

Recent articles

spot_img