-4.8 C
New York

පැනඩෝරා සිද්ධි ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් දූෂණයට කැඳවයි

Published:

ලොව මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කරන ලද පැන‍ඩෝරා දත්ත වල නම සඳහන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේෂන් ‍අල්ලස් හේා දූෂණ චෝදනා විමර්ශන කොමිසටම සිකුරාදා (08) කැඳවා තිබේ.

මේ සම්බන්ධයේන විශේෂ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (06) කරන ලද දැනුම්දීම අනුව මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.

තිරුකුමාර් නඩේසන් පවසන්නේ තමන්ගේ සහ බිරිඳගේ නම් එම පැනඩෝරා පත්‍රිකාවල සඳහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න යැයි තමන් ජනාධිපතිවරයාගෙන් අද ඉල්ලා සිටි බවයි.

නිරූපමා රාජක්ෂ සහ තිරුකුමාර් නඩේසන් සතු සමාගමක් විසින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිල දී ගෙන ඇති බවට එම පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් කර තිබිණි.

Related articles

Recent articles

spot_img