spot_img

ගුරු දිනය දා ගුරු විදුහල්පතිවරු මහ පාරේ උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

වැටුප් විෂමතා ඉවත්කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ගරු දිනය සැමරෙන අද (06) රපුරා උ‍ද්ඝෝෂණ සංවිධාය කර තිබිණි.

මේ සඳහා ගුරු විදුහල්පතිවරු විශාල සංඛයාවක් රැස්ව සිටි අතර එම උද්ඝෝෂණ නම් කර ඇත්තේ “අඳුර නසන ගුරු පරපුර අඳුරට හෙළීමට එරෙහි ජාතික කළු විරෝධතාව” යනුවෙනි.

උද්ඝෝෂණ සඳහා එක්වී සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙසේ කීවේය.

“අපි මේ උද්ඝෝෂණය කරලා රජයෙන් ඉල්ලන්නේ වහාම ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳන්න කියලා. රජයේ ඇතැම් පිරිස් දරුවන්ගේ Online අධ්‍යාපනය ඇණ හිටලා කියා කිඹුල් කඳුළු හෙළනවා. රජයට ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කරන්න හෝ පවත්වාගෙන යාමට කිසිදු වැඩපිළිවෙලක් තිබුණේ නෑ. එය පටන්ගත්තේ ගුරුවරු ස්වේඡාවෙන් දරුවන් ගැන හිතලා. රජය ඒ වෙනුයෙන් කරපු දෙයක් නෑ. විද්‍යුත් නාලිකාවක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්නවත් රජයේ උනන්දුවක් තිබුණේ නැහැ. අපේ වැටුප් විෂමතා ගැටලුව විසඳන තුරු අපි දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි සූදානම්.”

මෙම උද්ඝෝෂණ දිවයින පුරා සෑම අධ්‍යාපන කලාපයක ම පැවැත්වූ අතර එහි ආරම්භය සිදුවූයේ කොළඹ ලිප්ටන් වටරවුමේ උදෑසන 10.00 ආරම්භ කෙරුණු උද්ඝෝෂණයෙනි.

(ඞහඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ බකමූණ පැවැති උද්ඝෝෂණය ඡායාරූප – රුමේෂ් මධුශංක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles