-5.9 C
New York

භාණ්ඩ මිල වැඩිකරනවා දැයි තීරණය ගැනීමට අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවයි

Published:

කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට තීරණය කර තිබේ.

රජයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ හෙට සවස 5.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය කරන ලෙස ආනයන කරුවන් විසින් ඉල්ලා තිබූ අතර ඒ සඳහා ජීවන වියදම් කමිටුවෙන් ද අනුමැතිය හිමිව තිබිණි.

ජීවන වියදම් කමිටුවේ නිර්දේශ මීට ඉහත අමාත්‍ය මණ්ඩල රැස්වීමකට ඉදිරිපත් කෙරුණ ද ඒ සඳහා අනුමැතිය ලැබුණේ නැත. ඒ අනුව හෙට එම නිර්දේශ නැවත සළකා බැලීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img