-5.9 C
New York

සමාගම්වල මූලික කොටස් නිකුතුවෙන් කොටස් වෙ‍ළඳ පොළට ශක්තියක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 40,176ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,715ක් බවට පත්විය.

ඒ අනුව අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 08කින් පහළ ගිය අතර එය ඒකක 9,533ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර  එක්ස්පෝ ලංකා සමාගම ‍රුපියල් මිලියන 1,280යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 688යි, සිට්‍රස් වස්කඩුව සමාගම රුපියල් මිලියන 237ක් ලෙස ද, වැඩිම කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 64යි, සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 57යි, එස්එන්බී ලීසිං (ඡන්ද බලය රහිත) කොටස් මිලියන 21යි ලෙස මූලික විය.

අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් මිලියන 369ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 288ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද රුපියල් බිලියන 202ක් වාර්තා කළ කමර්ෂල් ලීසිං සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර පාම් ගාර්ඩ්න් ‍හෝටල් සමාගම රුපියල් 98.00 සිට 145.00 දක්වා 46%ක ප්‍රතිශතයකින් ද, ටැන්ජරීන් සමාගම 24%ක ප්‍රතිශතයකින් ද, රෝහල් ෆාර්ම් හෝටල් සමාගම 24%ක ප්‍රතිශතයකින් ද කොටස් මිල ඉහළ යනු දක්නට ලැබිණි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එන්ඩීබී බැංකුව කොටස් 260,000ක් රුපියල් 77.00 බැගින් ද විඳු ලංකා සමාගම කොටස් මිලියන 07ක් රුපියල් 6.00 බැගින් ද ගනුදෙනු විය.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 127ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 174ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර රෝහල් සෙරමික් සමාගම රුපියල් මිලියන 35ක් ද, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 25ක් ද, සිට්‍රස් වස්කඩුව සමාගම රුපියල් මිලියන 20ක් ලෙ ද , විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් ‍අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 107ක් ද, ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 20ක් ද,  හේමාස් සමාගම රුපියල් මිලියන 05ක් ද ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි දංකොටුව පෝසිලේන් සමාගමේ සභාපති ධූරයට කේ.කනගසබෙයි පත්කර ඇත. සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ ණය ගෙවීම් වෙනුවෙන් එම ආයතනය සතු වත්කම්වලින් රුපියල් බිලියන 10ක දේපළ විකුණා ණය ගෙවීම සම්බන්ධව සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අයිතිය හිමි හේලීස් සමාගම විසින් තීරණය කර තිබේ. 2021 මාර්තු මාසය අවසන් වනවිට සිංගර් ශ්‍රී ලංකා ආයතනය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 26.2ක් ලෙස සටහන්ව තිබිණි.

කොළඹ කොටස් වෙළෙද පොළේ අලුතෙන් ම ලැයිස්තුගත කිරීමට නියමිත සමාගම ලෙස ගාල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සූදානමින් සිටින අතර එම සමාගෙමේ කොටස් මිලියන 125ක් රුපියල් 4.00 බැගින් වූ මිලකට ඔක්තෝබර් මස 26 වැනි දින මූලික මහජන කොටස් නිකුතුවක් ලෙස ආරම්භ වීමට නියමිතය. ඒ අනුව එල්සීබී ෆයිනෑන්ස් සමග තම සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම මූලික කොටස් නිකුතුව මගින් රුපියල් මිලියන 500ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියි.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img