-5.9 C
New York

ඩිජිටල් අත්සනට අධිකරණයෙන් හා අධිකරණ අමාත්‍යාංශයෙන් නිල පිළිගැනීමක්

Published:

අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල් අත්සන භාවිතා කිරීම අද (04) සිට නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවත් පත්කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන නිල වශයෙන් භාවිතා කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් මෙය ආරම්භ කරන ලදී.

කොරෝනා වසංගතයත් සමඟ ආරම්භ වී ඇති නව සාමාන්‍යකරණය යටතේ දුරස්ථව සිටිමින් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබාදීමේ අරමුණෙන් මේ වැඩසටන ආරම්භ කෙරිණි.

ඩිජිටල් අත්සන ISO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්‍ෂිත, පහසු හා ලාභදායී විසදුමක් වන අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් ද ඊට ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. මින් ඉදිරියට අධිකරණ තුළ සහ අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට කාර්යක්ෂම සහ වේගවත් සේවාවක් ලබාදීම අපේක්ෂිත බව ද අමාත්‍ය අලි සබ්රි පවසයි.

Related articles

Recent articles

spot_img