-2.1 C
New York

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

Published:

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ බවත් පොලිසිය පවසයි.

කණ්ඩලම වැවේ පිහිටි දූපත්වල විවිධ අපචරායන් සිදුවන බවට ලැබී තිබූ තොතරු මත පොලිස් ජීවිතාරක්ෂක බලකාය සහ මහවැලි නිලධාරීන් විසින් කරන ලද නිරීක්ෂණ චාරිකාවක දී මෙම තොරතුරු හමුවී ඇත.

එහි එක් දූපතක ඇති ගල්තලාවක් මත පැරණි දාගැබක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලක නටඹුන් දක්නට ලැබෙන බවත් ඒවා නිදන් සොයන්නන් විසින් හාරා විනාශ කර ඇතැයිි පෙනෙන බවත් මහවැලි නිලධාරීහු කියති. එම ස්ථානයෙන් පැරණි ගඩොල් සහ ශෛලමය ඉදිකිරීම් කිහිපයක අවශේෂ දක්නට ලැබෙයි.

එම ස්ථානයට ගිය විට පිදුරංගල පුදබිම සහ සීගිරිය හොඳින් පෙනෙයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ කණ්ඩලමේ වැව මැද මෙවැනි නටඹුන් පිළිබඳ කිසිවක් නොදැන සිටි බවයි.

වැව මැද පිහිටි කුරුලු දූපත යනුවෙන් ව්‍යවහාර කරන දූපතට ගිය විට කිසියම් පිරිසක් විසින් කොකුන් ඇතුළු පක්ෂීන් මරා දමා ඔවුන්ගේ මස් ගෙන ගෝ ඇති ආකාරය දක්නට ලැබී ඇත.

පොලිසිය හා මහවැලි නිලධාරීන් පවසන්නේ මේ දූපත් දෙකට ඉදිරියේ දී දැඩි ආරක්ෂාවක් ලබාදෙන බවයි.

(කාංචන කුමාර ආරියදාස)

Related articles

Recent articles

spot_img