තම අනන්‍යතාව සඟවමින් මූල්‍ය විශුද්ධිකරණ කටයුතුවල යෙදුණු පුද්ගලන් හෙළිදරව් කිරීමේ පැන්ඩොරා පත්‍ර (Pandora Papers) ඉදිරිපත් කරමින් ලොව පුරා රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ වෙනත් පුද්ගලයන් රැසක් පිළිබඳ කරන අනාවරණයක දී ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ නම ද ඇතුළත් වී තිබේ.
මෙම අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (ICIJ) විසිනි.
මිලියන 12කට වැඩි ලිපිවලින් සමන්විත මෙම හෙළිදරව්කිරීමවල රාජ්‍ය නායකයන් 35 දෛනෙක්, රටවල් 91ක දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 330කට වැඩි ගණනක්, විවිධ ස්ථානවලින් පලාගිය පුද්ගලයන්, කලාකරුවන් සහා ඝාතකයන් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇත.
ජෝර්දානයේ රජුගේ, යුක්රේනයේ, කෙන්යාවේ ජනාධිපතිවරුන් සහ චෙක් ජනරජයේ, ඉක්වදෝරයේ අගමැතිවරු මෙන් ම බ්‍රිතාන්‍යයේ අග්‍රාම්ත්‍ය ටෝනි බ්ලෙයාර්ගේ ද නම් මේ රහස් ලේඛනවලින් හෙළිදරව් කර ඇත. රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල නොවන අමාත්‍යවරයකු, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, තුර්කිය සහ අනෙකුත් රටවල කෝටිපතියන් 130කට වැඩි පිරිසකගේ මූල්‍ය කටයුතු ද මේ ලේඛනවලින් අනාවරණය වෙයි.
මෙම අනාවරණය පිළිබඳ සබැඳිය පහතින්
https://www.icij.org/investigations/pandora-papers/global-investigation-tax-havens-offshore/
සැ.යු.
මෙම පළකිරීම හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ යම් පාර්ශවයකට හෝ ආයතනයකට අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයාගේ, පාර්ශවයේ හෝ ආයතනයේ පැහැදිළි කිරීම් සඳහා මේ හා සමාන වූ ඉඩක් ලබාදෙන බව ද දන්වා සිටින්නෙමු.