spot_img
spot_imgspot_img

ඉන්දියාවේ විදේශ ලේකම් හදිසියේ ම ආවේ ඇයි ?

පුවත්

විදෙස්

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මෙරට සංචාරය ආරම්භ කර තිබෙන අතර එය ඔහුගේ පළමු ලංකා ගමනයි.

“අසල්වැසියා පළමුව” යන ප්‍රතිපත්තිය අනුව මෙම සංචාරය සංවිධානය කරන ලද බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ ඉරණම එහි අසල්වැසි රාජ්‍යයන්ගෙන් වෙන්කර නොහැකියැයි විදේශ ලේකම්වරයා මාර්තු මාසයේ පැවැති සම්මන්ත්‍රණයක දී පවසා තිබිණි. ඒ අනුව අසල්වැසි රාජ්‍යයන් සමඟ කටයුතු කිරීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවක් බව ද ඔහු අවධාරණය කර තිබිණි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක් වෙබ් අඩවිය පවසන්නේ ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඒ මත පදනම්ව ඇති බවයි.

කොරෝනා ආශ්‍රිතව පැන නැගී ඇති බාධාවන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සහයෝගීතාව ගොඩනැගීම ඇතුළු සියලුම ආකාරයේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම මේ සංචාරයේ අරමුණ වී ඇත.

විදේශ ලේකම්වරයාගේ සංචාරයට පෙර පසුගිය ජනවාරි මාසයේ දී ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්.ජයිශංකර් මෙරටට පැමිණීම ද විශේෂ කරුණකි. එම සංචරයේ දී විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට ඉන්දියාව සහයෝගය ලබාදුන් බවයි.

ඔහුගේ සංචරයෙන් පසු නවදිල්ලියේ “එන්නත් මෛත්‍රී” වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 500,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබිණි. එමෙන් ම කොරෝනා වසංගතය වඩාත් දරුණු වී ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉහළ ගිය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඔක්සිජන් ලබාදීමට ද ඉන්දියාව නොපැකිළව කටයුතු කරන ලදී.

කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගන විනාශ වූ X-Press Pearl නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ද ඉන්දියාව විශාල සහයෝගයක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව විසින් ලබා දී ඇති මුදල ඩොලර් මිලියන 100කි. මෙරට සූර්ය බලශක්ති උත්පාදනයේ විවිධ පහසුකම් සැපයීම සඳහා සහන ලබාදීමට මේ ණය මුදල මහත් උපකාරයකි.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇති සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයිශංකර් පසුගිය මාසයේ නිව්යෝර්ක් නගරයේ දී ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්.පීරිස් හමුවී සාකච්ඡා කළේය.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත අතර අගමැති මහින්ද රාජපක්ෂ, විදේශ ඇමති ජී.එල්.පීරිස් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවිමට ද නියමිතව තිබේ.
එමෙන් ම ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලයේ දී  මහනුවර, යාපනය හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් යොදා ඉන්දියාවේ සහායෙන් සිදුවන ද්විපාර්ශ්වික ව්‍යාපෘති රැසක ප්‍රගතිය සම‍ාලෝචනය කිරීමට ද නියමිත අතර යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් සහ වතු කම්කරුවන් වෙනුවෙන් ‍ඩොලර් මිලියන 270ක පරිත්‍යාගයකින් ඉදිකරන නිවාස 50,000ක් පරීක්සා කිරීම ද ඉන්දීය විදේශ ලේකම්වරයා අපේක්ෂා කරයි.  මේ නිවාස ව්‍යාපෘතියේ කොටසක් ගාල්ල වලහන්දූව වත්තේ ද පිහිටා ඇත.

2017 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි විසින් කරන ලද පරිත්‍යාගයකින් යාපනයේ ඉදිකරමින් පවතින සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට ද විදේශ ලේකම්වරයා සහභාගී වෙයි.

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රිංග්ලාගේ මෙම සංචාරය ඉන්දියාවේ සහයෝග‍යෙන් සහ පරිත්‍යාගයන්ගෙන් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා සවි බල ගැන්වීම සඳහා අඩිතාලම දමනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ බලාපොරොත්තු වන්නේ මෙම සංචාරය තවත් ද්විපාර්ශ්වික සමුළුවක් සඳහා මඟ පාදනු ඇති බවයි. එමඟින් දෙරට අතර දේශපාලන සබඳතා තවත් ශක්තිමත් වනු ඇත.

https://lk.indianewsnetwork.com/en/20211002/foreign-secretary-shringla-s-visit-to-sri-lanka-to-reiterate-india-s-neighbourhood-first-priority

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!