-4.8 C
New York

ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයක

Published:

ඉන්දියාවේ විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා සිව්දින නිල සංචරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාතයාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කර ඇත.

“අසල්වැසියා ප්‍රථමයෙන්” යන ඉන්දීය විදේශ ප්‍රතිප්තියේ දී ශ්‍රී ලංකාවට ද ප්‍රධාන ස්ථානයක් හිමිව තිබේ. මෙම සංචාරයෙන් දෙරට අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන පරිදි සබඳතා ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවවල දී සංවර්ධන සහයෝගීතාව ප්‍රධාන අංගයක් වෙයි. ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගනු ලබන ප්‍රමුඛතාවලට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘපිත රැසක් ඉන්දියාව විසින් මෙරට තුළ ක්‍රියාත්මක කර ඇත.

ඒ අතර 1990 හදිසි ගිලන්රථ සේවාව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය, දුම්රිය මාර්ග හා ධාවන පථ වැඩිදියුණු කිරීම, විදුලි සැපයුම් ව්‍යාපෘති, වරාය පුනරුත්ථාපනය, දික්ඔය විශේෂ රෝහල, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය, මන්නාරම තිරුකේතීෂ්වරම් කෝවිල ප්‍රතිසංස්කරණය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්ක කර ඇත.

https://lk.indianewsnetwork.com/en/20211001/fs-shringla-to-embark-on-four-day-official-visit-to-sri-lanka-from-tomorrow

https://www.thehindu.com/news/national/shringla-begins-four-day-visit-to-sri-lanka-on-october-2/article36780601.ece

Related articles

Recent articles

spot_img