-5.9 C
New York

දේශපාලන මාරුවකින් අයිතිවාසිකම් අහිමිකර ඇතැයි පොලිස් ස්ථානාධිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Published:

ගාල්ල තෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති කේ.එම්.එල්.ජානකප්‍රිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් දේශපාලන බලපෑම් මත සිදුකර ඇති තම ස්ථානමාරුවීම බල රහිත කරන්න යැයි ඉල්ලා ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය මාත්‍ය මොහාන් පී. ද සිල්වා, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු පිරිසක් නම්කර තිබේ.

තෙලිකඩ හිටපු ස්ථානාධිපතිවරයා සඳහන් කරන්නේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් කතරගම පොලිස් කොට්ඨාසයට මාරුකර යවා ඇති බවයි. 2019 මාර්තු 15 වැනි දින සිට තෙලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිිපතිවරයා ලෙස කටයුතු කරමින් නීති විරෝධී ගස් කැපීම් සහ වැලි ගොඩ දැමීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගත් බව ද එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන බලපෑම් මත තමන්ට මෙම ස්ථානමාරුව ලැබී ඇති බව ද ඔහු පවසයි.

එමගින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් එම ස්ථානමාරුව බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුව ලබාදෙනතුරු ස්තාන මාරුව ක්‍රියාත්මක කිරීමේ අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසත් එම පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Related articles

Recent articles

spot_img