-5.9 C
New York

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරිට සහ පූජිත්ට අධි චෝදනා භාර දෙයි

Published:

පාස්කු ප්‍රහාරය වළක්වැගැනීමට ක්‍රියා නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට අද (01) අධි චෝදනා භාර දෙන ලදී.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුවිය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටි අතර ඔහු කියා සිටියේ එක් විත්තිකරුවකුට චෝදනා 864 බැගින් ගොනුකර තිබූ බවයි.  මෙම චෝදනා සංශෝධනය කළ බවත් එක් විත්තිකරුවකුට චෝදනා 855ක් ගොනුකර ඇති බවත් සාක්ෂිකරුවන් වශයෙන් පුද්ලන් 1,215 දෙනකු නම් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කීවේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින්ට භාර දී තිබෙන චෝදනා පත්‍ර අධ්‍යයනය කර විත්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව නඩුවේ විභාගය නොවැම්බර් මස 22 වැනි දා ආරම්භ කරන බව නියෝග කළ විනිසුරු මඩුල්ල එදින සිට නොවැම්බර් මස 29 දක්වා දිනපතා නඩු විභාගය පැවැත්වෙන බව ද සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img