-5.9 C
New York

දේපළ හා වාහන පවරාගැනීම මාස 06කින් කල් දමන්න යැයි මහ බැංකු අධිපති කියයි

Published:

වාහන සහ දේපළ පවරා ගැනීම තවත් හයක් දක්වා කල් තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයන්ට නියෝග කරන බව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (01) ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැළැස්ම එළිදක්වමිනි.

එමෙන් ම කාණ්ඩ 11ක් යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623ක් ආනයනය කිරීමේ දී පනවන ලද 100% ආන්තික මුදල් තැන්පතුව ද ඉවත්කරන බව ඔහු කියා සිටියේය. එම මුදල් තැන්පතුව අත්‍යාවශ්‍ය බව මහ බැංකුව පසුගිය සැප්තැම්බර් මස 09 වැනි දා සියලුම බැංකුවෙත දැනුම් දී තිබිණි.

කොරෝනා වසංගතය හේතුවෙන් ණය ගෙවීමට අපහසු සහ ප්‍රමාද වන ව්‍යාපාරවලට සහන දීම සඳහා රුපියල් කෝටි 1,500ක් වෙන්කරන බව ද පැවසූ කබ්රාල් වැඩිදුරටත් කියා සිටියේ ණය ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ද්‍රවශීලතා පහසුකම් සැපයීම සඳහා මහ බැංකුව ඉදිරිපත්වන බවයි.

දැනට ලබා දී තිබෙන ණය ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ද්‍රවශීලතා පහසුකම් සැපයීම සඳහා මහ බැංකුව ඉදිරිපත් වන බව ද හෙතෙම කීවේ ය.

Related articles

Recent articles

spot_img