-5.9 C
New York

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්වමන පළමු සමාගම බවට පත්වෙයි ?

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 43,638ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,280ක් ලෙස වාර්තා විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17කින් පහළ ගිය අතර ගනුදෙනු අවසානයේ එය ඒකක 9442ක් බවට පත්විය. අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,058යි, ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 740යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 475ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එම්බී ලීසිං (ඡන්ද බලය රහිත) කොටස් මිලියන 215යි, එස්එම්බී ලීසිං කොටස් මිලියන 47යි, අනිලානා හෝටල් සමාගම කොටස් මිලියන 42ක් ලෙස කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර අනිලානා හෝටල් සමාගම කොටසක මිල 30% ප්‍රතිශතයකින් ද, මාරවිල හෝටල් සමාගම කොටසක මිල 28%ක ප්‍රතිශතයකින් ද, බේරුවල රිසෝට් හෝටලය 25% ප්‍රතිශතයකින් ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 387ක් වාර්තා කරමින් එක්ස්පෝ ලංකා සමාගම ප්‍රථම ස්ථානයේ ද, රුපියල් බිලියන 293ක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද, ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලයන 198ක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයට ද පත්ව සිටින ලදී.

සංවෘත කවය තුළ  එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් ලක්ෂ 06ක් රුපියල් 202.00 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 1.5ක් රුපියල් 142.00 බැගින් ද, එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමාගම කොටස් ලක්ෂ 05ක් කොටසක් 83.50 බැගින් ද ටෙක්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 8.372ක් රුපියල් 45.00 බැගින් ද ගනුදෙනු සිදුවිය.

විදේශීය අයෝජකයන් විසින් රුපියල් මිලියන 29ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 22ක කොටස් විකුණා තිබේ. ඒ අනුව සමස්තයක ලෙස අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 07ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට එක්කර තිබේ.

විදේශීය ආයෝජකයන් විසින් අද කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 07යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 05යි, ඊඩ්න් හෝටල් සමාගම රුපියල් මිලියන 1.5ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 4.8යි, ටෙක්සචර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 1.6යි, සියරා කේබල් සමාගම රුපියල් මිලියන 1.3යි ලෙස කැපී පෙණිනි.

දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ දැනට වටිනාම සමාගම වන එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 400 සීමාවට ළඟා වූ නමුත් එම මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාමට අපොහොසත් විය. එසේ වුව ද එක්ස්පෝ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ රුපියල් බිලියන 400 සීමාව ඉක්වමන මෙරට ප්‍රථම සමාගම විය හැකි බවට අයෝජකයෝ විශ්වාසය පළකරති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img