-4.8 C
New York

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

Published:

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 14 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (01) නියෝග කළාය.

මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය ජූඩ් කුමාරු ඉශලානිගේ මරණය සම්බන්ධ නඩුව සළකාබලමින් මහේස්ත්‍රාත්වරයි විසින් මේ නියෝගය නිකුත් කරන ලදී.

මන්ත්‍රී බදුයිදීන්ට ඇප ලබාදුනහොත් මෙහි විමර්ශනවලට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලකළ හැකිය යන පදනම මත ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරිණි.

පවතින කොරෝනා තත්වය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව සඳහන් කරමින් බන්ධනාගාරය  අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළේය.

Related articles

Recent articles

spot_img