-5.2 C
New York

පාසල් සිසුන් අපයෝජනය කළ විදුහල්පති හිමිට දැඩි කොන්දේසි සහිතව ඇප දෙයි

Published:

තම පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවන් හතර දෙනකුට අතවර කිරීම සහ තවත් සිසුන් පිරිසක් අපයෝජනයට පොළඹවා ගැනීමට තැත්කිරීමේ චෝදනා ලැබ සිටි විදුහල්පති හිමිනමක් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර නියෝග කළේය.

මෙලෙස මුදාහැර ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ගිරිතලේගම සිරි සුජාත නමැති හිමිනමකි..

රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කළේය. එමෙන් ම සාක්ෂිකරුවන්ට සෘජුව හෝ දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ බලපෑම් නොකරන ලෙස ද එසේ බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගුකර නඩු විභාගය අවසන්වනතුරු රිමාන්ඩ් කරන බව ද මහේස්ත්‍රාත්වරයා කීවේය.

වින්දිත බාලවයස්කාර පාසල් සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර පෙනී සිටියේය.

මෙම නඩු විභාගය ලබන නොවැම්බර් 10 වැනි දින යළි කැඳවීමට නියමිතය.

සැකකාර හිමිනමට එරෙහිව පොලිසිය මේ වනවිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර 04ක් ගොනුකර තිබේ.

Related articles

Recent articles

spot_img