-5.9 C
New York

පාඩම් නොකරනවායැයි උරණ වූ තාත්තා‍ගේ කොසු පහරින් පුතා මරුදකී

Published:

ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන බව හඟවමින් පරිගණක ක්‍රීඩාවක නිරතවී සිටි පුතකු පියාගෙන් පහරකෑමෙන් මියගොස් ඇතැයි ගාල්ල ‍මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. ඔහු ගාල්ල මහමෝදර සියඹලාගහවත්තේ පදිංචි අයෙකි.

ඊයේ (29) සවස ඔන්ලයින් පන්තියක් පැවැති අවස්ථාවකට සහභාගී වෙමින් සිටිය දී ඔහු පරිගණක ක්‍රීඩාවක නිරතවනු දුටු පියා ඔහුට කොසු මිටකින් පහර දී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. එම පහරදීමත් සමඟ සිහිමුර්ජා තත්වයට පත්වූ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති අතර අද (30) අළුයම මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයේන සැකපිට මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්විණි.

ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img