-5.9 C
New York

වසංගත රෝග අංශ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

Published:

කොරෝනා වසංගත තත්වය දැනට යම් මට්ටමකින් පාලනය වී ඇතත් එය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් වසංගතය ඕනෑම අවස්ථාවක දී යළි වර්ධනය විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

ඔහු පවසන්නේ වසංගත පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකිවුව ද තවමත් දෛනික ආසාදිතයන් 1000ක් පමණ වර්තාවන බැවින් ඕනෑම අවස්ථාවක දී එම මට්ටමේ සිට වසංගතය ඉදිරියට යා හැකි බව පෙන්වා දෙමිනි.

“පසුගිය මාස දෙකක කාලයේ දී ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අනුගතවීම හේතුවෙන් වසංගතය යම් තරමකට පාලනය කළ හැකි වුණා. දැන් දකින්නට තිබෙන්නේ එහි ප්‍රතිඵලය. නමුත් ඉන් අදහස්වන්නේ නැහැ අප වසංගතය යම් තරමකට පාලනය කර තිබෙන නිසා සෞඛ්‍ය ආරක්ෂිත පුරුදුවලින් බැහැර විය හැකියි කියලා. අපි ඒවා දිගටම ආරක්ෂා කළ යුතුයි.” යැයි වෛද්‍ය ගිනිගේ වැඩිදුරටත් කීවේය.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලසීමාව වඩාත් තීරණාත්මක බවයි.

Related articles

Recent articles

spot_img