කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,475ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,959ක් ලෙස සටහන් විය.
සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 94කින් ඉහළ ගිය අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ ඒකක 9,433ක් බවට පත්විය.
අද දිනයේ වැඩිම පිරිවැටුමක් වාර්තා කරමින් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,413යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,179යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 729යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 137ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 13ක් ද, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 06ක් ලෙස ද ප්‍රධාන විය.
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ජෙට්වින් ඉම්පනි හෝටල් සමාගම 19%කින් ද, එස් ඇග්‍රෝ සමාගම කොටස් මිල 16%කින් ද, බ්ලූ ඩයමන් (එන්) 14%කින් ද කැපී පෙණිනි.
සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් සමාගමේ කොටස් ලක්ෂ 08ක්, රුපියල් 200.00 බැගින් ද, ටෙක්චර්ස් ජර්සි සමාගමේ කොටස් ලක්ෂ 05ක් රුපියල් 43.00 බැගින් ද, ජෝන් කීල්ස් සමාගමේ කොටස් ලක්ෂ 10ක් රුපියල් 142.25 බැගින් ද හුවමාරු වූ අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 10ක් රුපියල් 10.00 බැගින් හුවමාරු විය.
අද දිනය අවසන්වන විට ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 377ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 295ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 193ක් වාර්තා කළ ජෝන් කීල්ස් සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.
විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 17ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 41ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 24ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.
මෙම වර්ෂයේ අද දිනය දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 44.335ක මුදලක් ඉවත්කරගෙන තිබේ.
විදේශීය ආයෝජකයන් අද කොටස් මිල දී ගත් සමාගම් අතර ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 4.5යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1.2යි, රෙජින්ස් සමාගම රුපියල් මිලියන 1.2යි ලෙස ද කොටස් විකුණූ සමාගම් අතර අලියාන්ස් සමාගම රුපියල් මිලියන 6.6යි, එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 5.3යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 4.8යි ලෙස ප්‍රමුඛ විය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් දෙකක් විසින් ලාභාංශ නිවේදනය කළ අතර සිංගර් ශ්‍රී ලංකා සමාගම එක් කොටසක් සඳහා ශත 20ක මුදලක් ද හේකාබ් සමාගම එක් කොටසක් සඳහා ශත 80ක මුදලක් ද නිවේදනය කරන ලදී. අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ විශේෂ සිදුවීමක් වන්නේ ප්‍රකට ආයෝජකයකු සහ ශ්‍රී ලංකාවේ සමාගම් රැසක අධ්‍යක්ෂවරයකු වන නීතිඥ කමන්ත අමරසේකර විසින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමෙහි ඔහු සතුව තිබූ කොටස් මිලියන 05ක් පරිත්‍යාගයක් ලෙස හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනයට පිරිනමා ඇත. එම පරිත්‍යාගයේ වටිනාකම අද දිනයේ කොටස් මිල අනුව ගණනය කිරීමේ දී රුපියල් මිලියන 50 ඉක්මවයි.
නීතිඥ කමන්ත අමරසේකර විසින් 2020 දෙසැම්බර් 22 වැනි දින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 750ක් රුපියල් 4.00 බැගින් මිල දී ගත් අතර එම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 03ක් විය. අද වනවිට එම කොටසක් රුපියල් 10.60 බැගින් ගනු දෙනු වන අතර එම ආයෝජනයේ වත්මන් වටිනාකම මාස 09ක් ඇතුළත රුපියල් බිලියන 08 ඉක්මවා ඇත.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)