-5.9 C
New York

සුදුලූනු සිද්ධිය සොයා මාධ්‍ය ආයතනවෙත ගිය CID නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක්

Published:

පුවත්පත් කතුවරුන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම් දී තිබිය දී එම උපදෙස් නොතකා ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

සුදු ලූනු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අතුරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ ලංකාදීප මාධ්‍යවේදීන් සහ එහි කතුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම මාධ්‍ය ආයතනය වෙත ගොස් තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගෙඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරමින් තිබූ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර පරීක්ෂණ සිදුකරන ලෙස ද අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img