සහල් වෙළෙන්දන් විසින් යෝජනා කරන මිල ගණන්වලට සහල් විකිණීම පිළිගත නොහැකියැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කීවේය.
ඇමතිවරයා එසේ කීව ද සහල් සඳහා රජය විසින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ (28) ඉවත්කරනු ලැබිණි. එලෙස උපරිම සිල්ලර මිල ඉවත්කළ පසු වැඩි මිලට සහල් විකුණුවා යැයි කියමින් වෙළෙන්දන්ට හෝ මෝල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියට හැකියාවක් නොලැබෙයි.
එසේ වුව ද ඇමතිවරයා පවසන්නේ පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශවයම ආකර්ෂා කිරීමේ අපේක්ෂාවෙන් උපරිම සිල්ලර මිල ඉවත් කළ බවයි. එලෙස රජය සද්භාවයෙන් කරන ලද දෙය අනිසි ලෙස පාවිච්චි කරන්නේ නම් අනිවාර්යයෙන් ම රජය ඊට මැදිහත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. රජය ලබාදුන් නිදහස භාවිතා කරමින් සහල් මිල වැඩි කිරීමට කටයුතු කරන්නේ නම් රජය ඊට මැදිහත් වන බවත් හෙතෙම කීවේය
ඔහු වැඩිදුරටත් පවසන්නේ එක්තරා සමිතියක් නාඩු සහ කීරි සම්බා සඳහා ඉදිරිපත් කර ඇති මිල ගණන් කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. එය රටේ සහල් මිල බවට පත්වීමට රජය ඉඩ නොතබන බව ද ඇමතිවරයා කියයි.
රටේ සහල් මිල තීරණය කරන්නේ සමිති විසින්නම් රජයක් තිබීමෙන් ප්‍රයෝජනයක් නැතැයි අලගියවන්න අමාත්‍යවරයා ම පැවසීය.