spot_img
spot_imgspot_img

“තුවාල වූ අලියකු හැර කිසිදු වන අලියකු අල්ලන්නට බෑ” – මහාධිකරණය

පුවත්

විදෙස්

වනාන්තරයේ දී අනතුර ලක්වන අලි ඇතුන් හැර වෙනත් කිසිදු අලියකු අල්ලා නොගන්නා බවට සහතික විය යුතුයැයි තමිල්නාඩු ප්‍රාන්ත රජයට මදුරාසි මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

තිරුචිදිස්ත්‍රික්කයේ ශ්‍රී රංගම් නමැති විහාරස්ථානයේ දී අලින්ට හිරිහැර සිදුකරන බවට රංගරාජන් නරසිංහන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු සංජීබ් බැනර්ජි සහ විනිසුරු පී.ඩී.අඩිකේසවලු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

“දැනට සිටින අලි හැර වෙනත් කිසිදු අලියෙකු අල්ලා ගැනීමට හෝ ළඟ තාබා ගැනීමට කිසිඳු ආයතනකට හෝ පුද්ගලයෙකුට නොහැකිය” යනුවෙන් නි‍යෝග කරමින් එම නඩුව ඔක්තෝබර් 21 වැනි දින යළි කැඳවීමට විනිසරුවරු දින නියම කළහ. 

රජයේ නීතිඥ සී හර්ෂ රාජ් මෙහි දී කියා සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අලි ඇතුන් 64ක්, පූජනීය ස්ථානවල අලි ඇතුන් 32ක් සහ නිවාසවල අලි ඇතුන් 31ක් දැනට සිටින බවයි.

සත්ව සුභසාධන සම්බන්ධයෙන් කටයුත කරන “එල්සා පදනම” පෙන්වා දුන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ අලි ඇතුන් 86ක් අල්ලාගෙන සිටින බව රජය විසින් පරිසර හා වනජීවී අමාත්‍යාංශයට තොරතුරු ලබා දී ඇතත් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල ඉන් 23 දෙනකු පිළිබඳ සඳහන් නොවන බවයි.

මෙම කරුණු සළකා බලමින්, පසුගිය වසර 05ක කාලයේ දී අලි ඇතුන් සංඛ්‍යාව පිළිබඳ මධ්‍යම අමාත්‍යාංශයට ප්‍රකාශයක් නිකුත් කරන නලෙස ද විනිසුරුවරු තමිල්නාඩු ප්‍රාන්ත රජයට නියෝග කළේය.

පෙත්සම්කරු විසින් පැමිණිලි කර ඇත්තේ පන්සල් වල සිටින සතුන් හිරිහැරයට ලක් කරන බවත් අලින්ට වඩා හොඳ පහසුකම් සැලසීම සඳහා මානව සම්පත් හා සංවර්ධන අධිකාරිය සතු විශාල ඉඩම් වල ස්වාභාවික වාසස්ථාන ඉහළ නංවන ලෙසත් සඳහන් කරමිනි. චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවශ්‍ය පරිදි අලි පන්සල්වෙත අවශ්‍ය අවස්ථාවල දී යොමුකිරීම සුදුසු බවත් එහි සඳහන් කර තිබේ.

අගෝස්තු මස මුලදී මෙම නඩුව විභාගයට ගත් විට, සිරකරුවන්ට මෙන් අලි ඇතුන්ට සැලකුවේ කෙසේදැයි සොයා බැලීමට තමන්ම ස්ථානයක් වෙත පැමිණෙන බව ද පවසා ඇත්ත් ඊට කනස්සල්ල ද ප්‍රකාශ කරමිනි.

මෙම ලිපියේ මුල් පිටපත

https://www.newindianexpress.com/states/tamil-nadu/2021/sep/25/no-more-elephants-to-be-held-captive-hc-2363404.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!