බලපිටිය රෝහල මැස්සන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර මේ වනවිට එහි ශල්‍යාගාරවලට ද මැස්සන් රිංගා ගැනීම හේතුවෙන් සැත්කම් පවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ බරපතල ගැටලුවක් උද්ගත වී තිබේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවසන්නේ රෝහලේ පිටුපස කොටසේ සායනික අපද්‍රව්‍ය සති ගණනක් තිස්සේ ගොඩගැසී තිබීම හේතුවෙන් මෙවැනි පීඩාකාරී තත්වයක් උදා වී ඇති බවයි.
බලපිටිය රෝහල සතුව සායනික අපද්‍රවශ්‍ය දහනය කිරීමේ හෝ නිසි පරිදි බැහැර කිරීමේ ක්‍රමවේදයක් නැත. පැවති ක්‍රමය වූයේ පුද්ගලික සමාගමක් මගින් ඒවා වෙනත් ස්ථානයකට බැහැර කිරීමයි. දැන් එය සිදුවන්නේ සතියකට වතාවක් බැවින් රෝහල් භූමියේ දින ගණනක් කුණු ගොඩගැසී තිබීම හේතුවෙන් මේ ගැටලුව ඇතිවන බව රෝහල් සේවකයෝ පෙන්වාදෙති.
දැඩි දුර්ගන්ධයක් ද හමා යන මේ කසළ තොගය හේතුවෙන් මේ වනවිට රෝහල් භූමිය පුරාම මැස්සන් බෝවී ඇති අතර වාට්ටු රැසක් හා ශල්‍යාගාර පවා මැස්සන්නේ පිරීගොස් තිබේ. රෝහලේ වෛද්‍යවරුන් පවා මේ සම්බන්ධයෙන් පාලන අධිකාරියට පැමිණිලි කර ඇති අතර මෙවැනි තත්වයක් යටතේ ශල්‍යාගාරවල කටයුතු පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් බව ද ඔවුහු පෙන්වා දී තිබේ.
අප මේ පිළිබඳ විමසීමට රෝහලේ ප්‍රධාන කාර්යායට කතා කළ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ මැස්සන්ගේ කරදරය පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇති බවයි. මැස්සන් මර්ධනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීමට ඇති හැකියාව පිළිබඳවත් කසළ ඉවත්කිරීමේ දීර්ඝකාලීන විසඳුමක් සඳහාත් සාකච්ඡා පැවැත්වූ බව එම ප්‍රකාශකවරයා කීවේය.
