-5.9 C
New York

රට විවෘතකිරීම ගැන යුද හමුදාපති කියයි

Published:

රට විවෘතකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ඉදිරි දින තුනේ දී ඒ පිළිබඳ තීරණය කරන බවත් රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සහ ප්‍රවාහන සේවා පවත්වානෙ යාම සඳහා උපදෙස් ලබා දී ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර දළදා මාළිගාවේ දී යුද හමුදාවේ 72 වැනි සැමරුම වෙනුවෙන් ධජ පූජා වැඩසටහනට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

“රට විවෘත කරන අවස්ථාවකදී කළ කාර්යයන් සිදුවිය යුතු ආකාරය පිළිබඳ ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව අපි මොන ආකාරයෙන් එය සිදුකරනවා ද රටේ සාමාන්‍ය කටයුතු කවර ආකාරයෙන් පවත්වාගෙන යනවා ද සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන අවශ්‍ය අංශ දැනුම්වත් කර තිබෙනවා ප්‍රවාහ ක්ෂේත්‍රය හා අනෙකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේද සාකච්ඡා කර මේ වනවිටත් අදාල අමාත්‍යාංශවලට ඒ සම්බන්ධ පිළිපැදිය යුතු උපදෙස්මාලා සකස්කිරීමට.” යැයි යුද හමුදාපතිවරයා කීවේය

Related articles

Recent articles

spot_img