දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ජලය බැස නොයාමෙන් ඇතිවූ තත්වයක් බවයි.
මේ සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.
කරන ලද නිරීක්ෂණ අනුව, ඇළෙහි ජලය නිසි ලෙස බැස නොයාමෙන් ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වී ජලය කළු පැහැති වී තිබෙන බවත් එම ස්ථානයේ තැන තැන තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම හේතුවෙන් අධික දුර්ගන්ධයක් හටගන්නා බවත් එම වාර්තාවේ දක්වා ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර ඇත්තේ එම ස්ථානය කොටුවකින් කැලතූ විට පතුලේ සිට වායු බුබුළු සමඟ තුනී තෙල් තට්ටුවක් මතුවී ජලය මතුපිට පාවී යන බවයි. එමෙන් ම විවිධ මාර්ගවලින් ඇළට සම්බන්ධවන අපද්‍රව්‍ය හා අපවිත්‍ර්‍ර ජලය හේතුවෙන් ලැබෙන නයිට්‍රජන් සහ පොස්පරස් ප්‍රමාණය අනුව ජලයේ සුපෝෂණ තත්වයක් ද නිර්මාණය වී ඇතයි මධ්‍යම පරිසර අධිකාරිය දන්වා ඇත.
ඔවුන් පවසන්නේ මෙම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග තුනක් ගත යුතු බවයි. ඒ සඳහා පිරිපහදු නොකළ අප ජලය බුත්ගමුව ඇළට හා දියවන්නා ඔයට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුලේ රොන්මඩ වසරකට වරක් හෝ ඉවත්කර ජලය බැස යාම පහසු කරලීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අපද්‍රව්‍ය බුත්ගමුව ඇළට පැමිණෙන්නේ ද යන්න සොයා බලා ඊට පිළියම් යෙදීම අවශ්‍ය බව එම නිර්දේශවල දැක්වේ.
එමනිසා මෙම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දෙශ තුනක් ක්‍රියාත්මක කරන ලෙස ද විමර්ශන කණ්ඩායම දැනුම් දී ඇත. ඒ අතර ඒ අවට ජනතාව විසින් පිරිපහදු නොකරන ලද හා අපවිත්‍ර ජලය දියවන්නාවට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අප ජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද සොයා බැලය යුතු බවත් ඔවුන් දක්වා තිබේ.
එමෙන්ම රසායනාගාර විශ්ලේෂණ වාර්තාව අනුව පහත කරුණු හෙළිදරව් කර ගන්නා ලදී.