-5.9 C
New York

දිස්ත්‍රික්ක 05ක නායයාමේ අවදානමක්

Published:

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක දැනට පවතින දැඩි වර්ෂා තත්වය හේතුවෙන් නායයාම් සිදුවීමට ඉඩ ඇති බව එම ආයතනය නිවේදනය කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ කොටපොළ ස්ථාන කිහිපයක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළිය‍ගොඩ, කුරුවිට, කලවාන, නිවිතගල සහ රත්නපුර යන ප්‍රදේශ මෙලෙස අනතුරු දායක බව ද පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ ද දිවයින පුරා ප්‍රදේශ රැසක මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.

Related articles

Recent articles

spot_img