-5.9 C
New York

කොරෝනා ආසාදිත වූ දරුවන්ගේ අතුරු ආබාධ ඉහළට

Published:

කොරෝනා ආසාදනය වී ඉන් සුවය ලැබූ දරුවන්ට අතුරු ආබාධ ඇතිවීමේ ඉහළ යාමක් රට පුරාම දක්නට ඇතැයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ එවැනි දරුවන් 25 දෙනකු ප්‍රතිකාර ලබන බවකි.

ඔවුන් අතර බහු ඉන්ද්‍රිය ආසාදන දක්නට ලැබෙන බව ද වෛද්‍යවරයා කීවේය. කොරෝනා සුව වුව ද නිව්මෝනියා තත්වය දිගටම පැවතීම, වරින් වර උණ ඇතිවීම, හෘද ස්ඵන්දනයේ වේගය වැඩිවීම ඊට අමතරව මොළයේ, වකුගඩුවල සහ හෘදයේ වෙනත් ආබාධ මෙම දරුවන් අතර දක්නට ලැබෙන බව ද වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

මෙලෙස කොරෝනා අතුරු ආබාධ ඇතිවන දරුවන් වැඩි පිරිසක් වයස අවුරුදු 05ත් 15ත් අතර අය වන බව ද සෞඛ්‍ය අංශ විසින් නිරීක්ෂණය කර තිබේ.

“කොරෝනා සුව වූ දරුවන්ට මෙවැනි අතුරු ආබාධ මාස හයක වැනි කාලයක් මතුවිය හැකි බව නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නිසා ඔවුන් එම කාලයේ වඩාත් සැළකිල්ලෙන් රැක බලා ගැනීම වැදගත් වෙනවා. මෙවැනි දරුවන්ට ප්‍රතිදේහ පවා ලබා දීමට සිදුව තිබෙනවා.” යැයි ද වෛද්‍ය දීපාල් පෙරේරා කීවේය.

මෙවර කොරෝනා රැල්ල ආරම්භයේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ළමුන් සංඛ්‍යාව 300ක් පමණ වූ අතර එම සංඛ්‍යාව මේ වනවිට 35ක් දක්වා පහත බැස තිබේ.  

Related articles

Recent articles

spot_img