ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ විසින් නිකුත්කරන ලද ලිපියක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියේ සඳහන් WhatsApp කණ්ඩායම සම්බන්ධ තොරතුරු සත්‍යතාවය තහවුරු කරගත් තොරතුක් නොවේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය මේ බව සඳහන් කරන්නේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම ලිපිය බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස අධ්යක්ෂවරයා විසින් ඉදිරපත් කරන ලද ලිපියක් බවයි
නමුත් එහි සඳහන්කර ඇති ආකාරයේ තොරතුරක් ලැබුණු විට එය වාර්තා කිරීම පමණක් සිදුවන බවත් එමගින් යම් සිදුවීමක් සිදුවන බවට තහවුරු කිරීමක් සිදු නොවන අතර එවැනි යම් සිදුවීම්ක විය හැකි බව හෝ යම් කරුණනක් පවතින බව හෝ එමගින් තහවුරු නොකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙස බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරනු ලබන ලේඛන හෝ වාර්තා කරනු ලබන තොරතුරු එළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරද්ක වන්නා සේම එය මහජන ආරක්ෂාවට හානි විය හැකි තොරතුරු පරිගණක ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් පරිගණක අපරාධ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
එබැවින් එම තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස මහජනතාව වෙත නිවෙව්දනය කරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින්