-5.9 C
New York

කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමේ නීතියක් එයි ද ?

Published:

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධ නීති සම්මත කිරීමට ඉදිරියේ දී හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (26) මහනුවර රෝහලේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

ඔහු පවසන්නේ තමන්ගේ ආරක්ෂාවත්, තවත් කෙනෙකුට බෝවීම වැළැක්වීම සඳහාත් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැඩි ඉල්ලීමක් කරන බවයි. නමුත් ඇතැම් පිරිස් එම ඉල්ලීම් නොතකා කටයුතු කිරීමෙන් කොරෝනා මර්ධනය අඩපන වන්නේ නම් ඒ සඳහා නීතිමය තත්වයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“බොහෝ පිරිස් එන්නත් ගැනීමට පැමිණෙන නමුත් ඇතැම් අය එය නොසළකා කටයුතු කරන තත්වයක් තිබෙනවා. නමුත් රටේ අවශ්‍යතාවය වන්නේ කොරෝනා මර්ධනයටන්ම ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත් මාත්‍රාදෙකම ලබාදීමයි. ‍මේ තත්වය අපට සමාලෝචනය කිරීමට සිදුවෙනවා. ඒ අනුව ඉදිරියේ දී එන්නත්කරණය සම්බන්ධයෙන් නීතිමය රාමුවක් සකස්කිරීමට අවශ්‍ය ද නැද්ද යන්න අපි සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර තීරණය කරනවා.”

Related articles

Recent articles

spot_img