විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල දී සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් පවසන්නෙන් ඒ අනුව හෙට සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් තුළ දී දරුවන්ට මෙම එන්නත ලබාගත හැකි බවයි. එමෙන්ම අනිකුත් පළාත් සඳහා ද එවැනි දරුවන්ට එන්නත් ලබාදිම කඩිමින් ආරම්භ කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
අද (26) දිනය දක්වා ම මෙම දරුවන් සඳහා එන්නත් ලබාදීම සිදුකරන ලද්දේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කුරුණෑගල රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල්වල දී පමණි.
මහාචාර්ය රජින්ද්‍රජිත් පවසන්නේ එන්නත් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් සිදුකරගෙන යන ව්‍යාජ ප්‍රචාරයන්ට නොරැවටී එන්නත් කඩිනමින් ලබාගත යුතු බවයි. කොරෝනා මර්ධන එන්නත් ලබාදීම කොරෝනා ආසාදනය වීමෙන් වැළකීමට එකම ක්‍රමය නොවූව ද මරණය වළක්වාගැනීමට ඇති හොඳම පියවර බවයි. එමෙන්ම කොරෝනා වසංගතයෙන් මීදීමටනම් රටේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් හා සංකූලතා සහිත පුද්ගලයන් එන්නත් කිරීම අනිවාර්ය බවත් එන්නත් ලබාගත්ත ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යාව්‍ය බවත් මහාචාර්ය රජින්ද්‍රජිත් පවසයි.