-4.8 C
New York

“පාසල් විවෘත කළත් උගන්වන්නේ නෑ” ගුරු විදුහල්පතිවරු කියති

Published:

රජය විසින් පාසල් විවෘත කළ ද තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු ඉගැන්වීම් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් ‍එකමුතුව පවසයි.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙසේ කීහ.

“රජය දැනටමත් පිඹුරුපත් සකස් කරනවා ළමුන් 200ට අඩු පාසල් 5000ක් ඔක්තෝබර් 06 වැනි දා විවෘත කරන්න. නමුත් ඔවුන් අපේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්නේ නැහැ. අපේ වෘත්තීය අරගලය විසඳන තුරු පාසල් විවෘත කළත් අපි උගන්වන්නේ නැහැ.”

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ මෙවැනි කතාවකි.

“අධ්‍යාපන අමාත්‍යාංශය  පාසල් ආරම්භකරලා කුමන පදනමකින් ද අපිට නැවත වැඩ කරන්න කියන්නේ. පාසල් විවෘත කිරීමට හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට පෙර කළ යුතු ප්‍රධාන දේ කුමක් ද කියා ඔවුන් තේරුම්ගත යුතුයි. අපි සාකච්ඡා කර විසඳුමකට යමු. අපි මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා.”

ඔවුන් පවසන්නේ විභාග පැවැත්වීමට හා පාසල් ආරම්භ කිරීමට පෙර තම ගැටලු විසඳා තිබිය යුතු බවයි.

Related articles

Recent articles

spot_img