යොහානි ද සිල්වා ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතරට පත්ව තිබේ. මෙම ගීතය මේ වනවිට youtube ඔස්සේ ලොව පුරා කෝටි 12කට වැඩි පිරිසක් නරඹා තීබේ.
යොහානිගේ මේ ගීතය ප්‍රති නිර්මාණය කරමින් ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ වීදියක කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ නමැති 13 හැවිරිදි වයලීන වාදන ශිල්පිනයක විසින් කරන ලද වාදනය යූටියුබ් ඔස්සේ ප්‍රචාරය වීම මෙහි ජනප්‍රියත්වය තවත් වැඩි කිරීමට හේතුවක් වී ඇත.
නව පරපුරේ ගායන ශිල්පිනියක වූ යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් පවසයි.
ඇය මේ පිළිිබඳ twitter සටහනක් තබමින් මෙසේ කියා තිබේ.
”මැණිකේ මගේ හිතේ ගීතය කැලිෆෝනියාවේ වීදියකදී කැරොලිනා වයලීනයෙන් වයනු අසා මම මහත් සතුටක් වින්දා. සංගීතය විශ්ව භාෂාවක් බව එයින් තහවුරු වුණා. මම බලාපොරොත්තු ඔබ සියලු දෙනා ඒ අයුරින්ම සතුටු වෙයි කියා.”