-4.8 C
New York

තරුණයන් නොපැමිණීමෙන් ආණමඩුවේ එන්නත්කරණය අසාර්ථකයි

Published:

ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ පැවැති එන්නත්කරණ වැඩසටහන සදහා තරුණයන් පැමිණීම අවම මට්ටමක පැවතිම හේතුවෙන් එය අසාර්ථක වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (23) මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය කර තිබූ අතර ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු 20-30ත් අතර තරුණ තරුණියන් 2,000ක් එන්නත් කිරීම ඉලක්කය විය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවී අබේරත්න පවසන්නේ උදේ 8.00 සිට සයිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කළ ද දහවල් 1.00 දක්වා පැමිණ සිටියේ 200කට අඩු පිරිසක් බවයි.

“මෙය ඉතාමත් නරක තත්වයක්. කොරෝනා වසංගතය පාලනය කිරීමටනම් ජනගහණයෙන් අති බහුතරයකට එන්නත් කිරීම අවශ්‍ය වෙනවා. එන්නත් සම්බන්ධයෙන් බොහෝ මිත්‍යා මත ප්‍රචාරය කරනවා. අපි ඉල්ලා සිටිනවා එන්නත කුමක්ද කියා බලන්නේ නැතිව ලැබෙන පළමු අවස්ථාවේ දී ම එන්නත විදගන්න කියා. පළමුව තමන් ආරක්ෂා වීමෙන් සමස්ත සමාජයම තමන්ගේ ප්‍රජාව ම ආරක්ෂා කරගත හැකියි.”

Related articles

Recent articles

spot_img