-5.9 C
New York

රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් කොරෝනා සෑදී කරාපිටියේ දී මියයයි

Published:

රත්නපුර රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ රත්මලාන පදිංචි 31 හැවිරිදි අවිවාහක වෛද්‍යවරියකි.

රත්නපුර රෝහලේ සේවය කරමින් සටිය දී හදිසියේ ම රෝගාතුර වූ ඇය කොරෝනා ආසාදිත බව පසුගිය අගෝස්තු 24 වැනි දා තහවුරු කරගෙන ඇත්තේ කොළඹ පුද්ගලික රෝහලකින් කරන ලද පීසීආර් පරීක්ෂණයකිනි.

ඉන් පසු පුද්ගලික රෝහලකින් පවත්වාගෙන යන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිටිය දී රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය 29 වැනි දා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී නිව්මෝනියා තත්වය උග්‍රවීම  හේතුවෙන් සැප්තැම්බර් 02 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර එවා තිබුණේ එක්මෝ ප්‍රතිකාර ලබාදීමේ අරමුණෙනි.

ඒ අනුව 03 වැනි දා සිට එක්මෝ ප්‍රතිකාර ලැබූ ඇය ඊයේ (22) මියගියාය.

රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එමගින් නිගමනය වී තිබුණේ කොරෝනා නිව්මෝනියා තත්වය හේතුවෙන් බහුවිද ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී මරණය සිදුව ඇති බවයි.

ඇගේ දේහය හෙට (24) නිරෝධායනය නීති අනුව ආදාහනය කිරීමට නියිමිතය.

Related articles

Recent articles

spot_img