වත්මන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ විසින් 2015 වර්ෂයේ දී භාර දෙන ලද අලියකු අධිකරණය විසින් යළි ජනාධිපතිවරයාට භාර දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔහු පවසන්නේ මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයෙන් බැවින් එයට තමන්ට කිසිවක් කළ නොහැකි බවයි. නම් කළ පුද්ගලයන්ට අලි ලබා දෙන ලෙස තමන් හෝ වනජීවී අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක ඉල්ලීමක් කර නැති බවත් එය අධිකරණයේ තීරණයක් බවත් අමාත්‍යවරයා කියයි.
චරක නමින් හඳුන්වන මෙම අලියා ජනාධිපතිවරයාගේ නිවසට ගෙන ගොස් නැති බවත් දෙනියායේ විහාරස්ථානයකට ගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.



