-2.1 C
New York

අපනයන සමාගම් ආදායම් වාර්තා තබද්දී කොටස් මිලත් ඉහළ යයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 18,222ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,023ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 42කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ ඒකක 8,830ක් බවට පත්ව තිබිණි. දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 769යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 194යි, මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 98යි ලෙස ද,  වැඩිම කොටස් ප්‍රමාණයක් ගනු දෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොට්ස් මිලියන 21ක් ද, කොටගල ප්ලාන්ටේෂන් සමාගම කොටස් මිලියන 14ක් ද, එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 12ක් ද වශයෙන් කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසිං (ඡන්ද බලය රහිත) 50% ද, කොටගල ප්ලාන්ටේෂන් සමාගම 17%කින් ද, උඩපුස්සැල්ලාව වැවිළි සමාගම 16%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර රෝයල් සෙරමික් සමාගමේ කොටස් ලක්ෂ 08ක් රුපියල් 41.00 බැගින් ද යුනියන් බැංකුව කොටස් ලක්ෂ 39ක් රුපියල් 10.80 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 335ක වත්කමක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 242ක වත්කමක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 30ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 63ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 33ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ. ඒ අනුව මේ වසර තුළ අද දිනය දක්වා විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 43.245ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 08ක් ද, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 05ක් ද, ලංකා මිල්ක් ෆුඩ්ස් ආයතනය රුපියල් මිලියන 3.7ක් ලෙස ද කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 19ක් ද කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 16ක් ද, එක්ස්පෝ ලංකා ආයතනය රුපියල් මිලියන 07ක් ද ලෙස ප්‍රධාන විය.

දිගින් දිගටම ශ්‍රී ලංකාව විසින් 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,083ක භාණ්ඩ අපනයන කර ඇති අතර ඒ 2020  අගෝස්තු මාසයට සාපේක්ෂව 17%කට ආසන්න වර්ධනයක් වෙයි. ඒ අනුව මෙම වසරේ මාර්තු, ජුනි, ජූලි සහ අගෝස්තු යන මාස 04 දී ම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ මාසික අපනයනය ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

2021 අගෝස්තු මාසයේ මෙම වාර්තාගත අපනයන ආදායම ලබාගැනීම සඳහා ඇඟළුම් අංශයෙන් ඩොලර් මිලියන 491ක් ද, තේ අපනයනයෙන් ඩොලර් මිලියන 116ක් ද, රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 92ක් ද වශයේන මූලික වී තිබේ. මේ අනුව දිගින් දිගටම භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වල ආදායම් වැඩිවීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ අපනනයන සමාගම්වල මිල වර්ධනය කෙරෙහි සාධනීය ලෙස බලපා තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img