-2.1 C
New York

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

Published:

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී රාජකීය වෛද්‍යවරයා ලෙස අන්වර්ථ නාමයක් ලබා සිටි ඔහුගේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැඩි ආන්දෝලනයක් ඇති වුව ද රාජ්‍ය අනුග්‍රහය හේතුවෙන් ඔහුට කිසිදු ගැටලුවක් ඇතිවූයේ නැත.

අගමැති මහින්ද රාජපක්ෂ සමීපව ඇසුරුකළ පුද්ලයකු වූ ඔහු කොරෝනා ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා යැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද සහභාගී කරවාගනිමින් මුට්ටි ග‍ෙඟේ පාකිරීම වැනි ව්‍යාපෘති දියත් කළේය.

සෞඛ්‍ය අංශ චෝදනා කළේ මෙවැනි අවිද්‍යාත්මක කාර්යයන් හේතුවෙන් මෙරට ජනතාවට කොරෝනා මර්ධන එන්නත ලැබීම පවා ප්‍රමාද වූ බවයි.

මීට සති දෙකකට පමණ පෙර කොරෝනා ආසාදිත වූ ඒලියන්ත වයිට් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

අවිද්‍යාත්මක ක්‍රමවලින් කොරෝනා තුරන්කළ නොහැකි බව සනාථ කරමින් ඒලියන්ත වයිට් දිවියෙන් සමුගෙන ගියේය.

Related articles

Recent articles

spot_img