-4.8 C
New York

ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා

Published:

ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි.

බස් රථයකින් ඔවුන් මෙලෙස රැගෙන යන අතර එම බසයේ යන පුහුණුවන හෙද හෙදියන් අතර සමාජ දුරස්ථ භාවය තබාගැනීමට කිසිදු හැකියාවක් නැත. කරාපිටිය ශික්ෂණ රෝහලට ඔවුන් රැගෙන ගිය පසු එම හෙද සිසු සිසුවියෝ රෝහලේ විවිධ වාට්ටු සහ ඒකකවලට බෙදී ගොස් පුහුණු කටයුතුවල නිරතවන අතර පසුව යළි මෙලෙස බසයේ තෙරපෙමින් ආපසු යති.

මේ අතර එක් අයකු හෝ කොරෝනා ආසාදිතයකු වුවහොත් සියලු දෙනාටම කොරෝනා වැළඳීමේ දැඩි අවදානමක් පවතී. කොරෝනා එන්නත් ලබාගත්ත ද ආසාදනය වීමෙන් වැළකී සිටීමට නම් සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අන් අයට උපදෙස් දී තිබිය දී ගාල්ලේ හෙද විදුහල සිදුකර මේ ක්‍රියාවනම් අනුමත කළ නොහැකිය.

Related articles

Recent articles

spot_img