මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්

පුවත්

විදෙස්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22) කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ‍වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මෙම නඩුවට අදාළ ලේඛන ලැබුණේ ඊයේ රාත්‍රියේ බවත් ඒවා අධ්‍යයනයකර සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව සීමිත විරෝධතා ගොනුකරන ලෙස ද අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදෙන ලදී. සෝභිත රාජකරුණාසහ ධම්මික ගනේපොළ යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබ තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා සිටියේ අදාළ ලේඛන අධ්‍යයනයකර සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා තමන්ට ද කාලයක් අවශ්‍ය බවයි.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා ලබන 30 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අතර පෙත්සම සලකාබැලීම ඔක්තෝබර් මස 7 වනදා දක්වා කල් තැබිණි.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු එම බැංකුව තුළ අගතිදායක ආකාරයෙන් ස්ථානමාරු කිහිපයක් සිදුකර ඇති බවත් එවැනි කටයුතු වැළැක්වීමේ කිසියම් නියෝගයක් තමන් අධිකරණයෙන් අපේක්ෂාකරන බවත් දන්වා සිටියේය.

නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක් ‍‍‍, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ. වයි.පී. ප්‍රනාන්දු මෙම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles