-4.8 C
New York

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

Published:

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඉන් එක් භූමිකම්පාව අලුයම 4.45ට සිදුව ඇති අතර එහි විශාලත්වය රිච්ටර් මාපක 5.9කි. පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් එහි අපි කේන්ද්‍රය පිහිටා ඇති අතර භූමිකම්පාව සිදුව ඇත්තේ මවුන්ට් බුලර් සිට කිලෝ මීටර 36ක් දුරිනි.

දෙවැනි භූමිකම්පාව ඉන් විනාඩි 18කට පසු අළුයම 5.03ට සිදුව ඇති අතර එය සිදුව ඇත්තේ ද පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් සහ මවුන්ට් බුලර් සිට කිලෝ මීටර 38ක් දුරින් අපි කේන්ද්‍රය පිහිටන ආකාරයෙනි. එහි විශාලත්වය රිච්ටර් මාපක 4.1කි.

මෙම භූමිකම්පාව ‍හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න්හි එක් ගොඩනැගිල්ලකට හානි වී ඇතැයි ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී ඇත.

මෙල්බර්න් නගරවාසීන් සිය කම්පනය හා විස්මය විස්තර කරමින් පවසන්නේ දශක ගණනාවකින් මෙවැනි කම්පනයක් අත් නොවිඳි බවයි. නගරය පුරා නිවාස ඇතුළු ගොඩනැගිලි සෙලවෙන්නට පටන් ගත් බව ඔවුහු කියති. තුවාල කරුවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

මෙම කම්පනය කිලෝ මීටර 800ක් ඈතින් පිහිටි ඇඩිලේඩ් දක්වාත් කිලෝ මීටර 900ක් ඈතින් පිහිටි නිව් සවුත්වේල්ස් දක්වාත් දැනී තිබිණි.

ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේ පිහිටා ඇති ඕස්ට්‍රේලියාවට ගිනිකොණ දිගින් පිහිටි නවසීලන්තය ආසන්නයෙන්ම භූ තැටි මායිම දිවයන අතර ඕස්ට්‍රේලියාවේ මෙවැනි ප්‍රබල භූමිකම්පා සිදුවන්නේ නවසීලන්ත‍යට වඩා කලාතුරකිනි.

ඕස්ට්‍රේලියාවේ භූ විද්‍යා ආයතනයට අනුව, 1988 දී එරට දරුණුතම භූමිකම්පාව සිදුව තිබේ. එය උතුරු ප්‍ර‍ේදශයේ සිදු වූ රිච්ට් මාපක 6.6ක භූමිකම්පාවකි.

මෙම පුවතට අදාල විදසේ මාධ්‍ය සබැඳි පහතින්

https://edition.cnn.com/2021/09/21/australia/melbourne-earthquake-intl-hnk/index.html

https://www.bbc.com/news/world-australia-58646917

https://www.reuters.com/world/asia-pacific/earthquake-magnitude-56-strikes-near-melbourne-australia-gfz-2021-09-21/

Related articles

Recent articles

spot_img